නිබ්බෙකුගේ විලාපය
නිබ්බෝ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ උපන්දිනයට සංවත්සරයට වට්ස්ඇප් ස්ටේටස් දමති; පාටි දමති; මැක් යති. අම්මා තාත්තා නංගි මල්ලි අක්කා අයියා, උන්ට වට්ස්ඇප් ස්ටේටස් නැත. උන් ඕපපාතික ය. එයාට ඌවා වෙලා හෙම්බි, අපෝ එයාට ෆ්ලූ එයා පව්. ගෙදර එකෙක් නම් අනේ ඌට හෙණගහපූදෙන් ! මතු යම් දවසක සොඳුරු සඳවතී නිබ්බාව හැරගියොත් ඔහුගේ සාපය ඔහු හටම මිස වෙත් ද අන් කා හට ? වට්ස්ඇප් ආලය පෙරළුණු බව අන්තිමට හේ අඩයි අනේ මට උන් විපත කිම් ? අසා මේ මොඩර්න් නිබ්බ අදෝනාව අම්මා ද තාත්තා ද අක්කා ද අයියා ද නංගි ද මල්ලී ද ළඟට ආ කල සැනසුම ට අදෝනාව පෙරළෙයි විලාපයකට.