නිබ්බෙකුගේ විලාපය
නිබ්බෝ
ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ උපන්දිනයට
සංවත්සරයට
වට්ස්ඇප් ස්ටේටස් දමති;
පාටි දමති; මැක් යති.
අම්මා තාත්තා නංගි
මල්ලි අක්කා
අයියා, උන්ට වට්ස්ඇප්
ස්ටේටස් නැත.
උන් ඕපපාතික ය.
එයාට ඌවා වෙලා
හෙම්බි, අපෝ එයාට ෆ්ලූ
එයා පව්.
ගෙදර එකෙක් නම්
අනේ ඌට
හෙණගහපූදෙන් !
මතු යම් දවසක
සොඳුරු සඳවතී
නිබ්බාව
හැරගියොත්
ඔහුගේ සාපය
ඔහු හටම මිස
වෙත් ද අන් කා හට ?
වට්ස්ඇප් ආලය
පෙරළුණු බව
අන්තිමට
හේ අඩයි
අනේ මට උන්
විපත කිම් ?
අසා මේ මොඩර්න්
නිබ්බ අදෝනාව
අම්මා ද තාත්තා ද
අක්කා ද අයියා ද
නංගි ද මල්ලී ද
ළඟට ආ කල සැනසුම ට
අදෝනාව පෙරළෙයි විලාපයකට.
Comments
Post a Comment